Me Pani Bona Bamarun Song Lyrics - මී පැණි බොන බමරුන් ගීතයේ පද පෙළ

Me Pani Bona Bamarun Song Lyrics - මී පැණි බොන බමරුන් ගීතයේ පද පෙළ
Song Title : Me Pani Bona Bamarun (මී පැණි බොන බමරුන්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.


මී පැණි බොන බමරුන් පියාඹා ගියේ
කොහේදෝ උදේ //
ආදරයක සුරතල් කතාවේ රසේ
සොයාලා ගියේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ //

දෑසින් දැනෙන්නේ පැතුම් දෝ ඔබේ
කාගේ නමින් දෝ උපන්නේ ප්‍රියේ
ඔබේ දෑත මාගේ දෑතෙහි තබා
පෙර අත්භවේ කීව නේදෝ ඔයා

පැතුව විලසින් එදා
නැවත හමුවී මෙදා
අඳුරු තරුකැන් සිඳිලා ඈත හිරු මෙන් දිළේ
අපේ ආදරේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ //

ඕ ඕ... ඕ.. ඔඔඔඔඔඕ.....

ඕ... ගීතයක් දෝ සංගීතයක් දෝ
ඕ.. ඔඔඕ..... මා ඔබේ වේදෝ
හමුවේදෝ දුගී පැල්පතේ
දවස දුර දෝ නැතේ
ඈත ළඟමයි ප්‍රියේ
එදින ජය පැන් පිරීලා ලොවේ බැබලී තියේ
අපේ ආදරේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ //

දෑසේ මැවෙන්නේ කැළුම් දෝ සඳේ
පාවී ඇදෙන්නේ කොහේදෝ ළඳේ
වසන්තේ මගේමයි පැතූ සේ භවේ
ඔබේ ප්‍රේම ලෝකේ උදාරයි ප්‍රියේ

මෑත හමුවී බැඳී
ඈත ලොවකින් ඇදී
සිහින අතරින් ලොවේ
පාළු අඳුරින් නොවේ
අපේ ආදරේ //

මී පැණි බොන බමරුන් පියාඹා ගියේ
කොහේදෝ උදේ //
ආදරයක සුරතල් කතාවේ රසේ
සොයාලා ගියේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment