Pabalu Nange Song Lyrics - පබළු නඟේ ගීතයේ පද පෙළ

Pabalu Nange Song Lyrics - පබළු නඟේ ගීතයේ පද පෙළ
Song Title : Pabalu Nange (පබළු නඟේ)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
තනුව : ගුණදාස කපුගේ


පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ
නුඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔලිඳ ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ
නුඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙපස එළි මැද්දේ
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ
නුඹ ඇයි නැත්තේ 

සුමනෝ
නුඹ ඇයි නැත්තේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment