Dagakara Oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ

Dagakara oya Dasa Song Lyrics - දඟකාර ඔය දෑස ගීතයේ පද පෙළ
Song Title : Dagakara oya Dasa (දඟකාර ඔය දෑස)
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : රංජිත් පෙරේරා
ගීපද : සුනිල් ගුණවර්ධන


දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment