Oba Pem Karana Song Lyrics - ඔබ පෙම් කරනා ගීතයේ පද පෙළ

Oba Pem Karana Song Lyrics - ඔබ පෙම් කරනා ගීතයේ පද පෙළ
Song Title : Oba Pem Karana (ඔබ පෙම් කරනා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ

සාගර වෙරලේ සොඳුරු සැදෑවක
රඟහල කෙලවර අදුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත මුළාවෙන්
මටද ආදරෙයි කියා තිබේ…
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment