Nisansale Sale Kalum Song Lyrics - නිසංසලේ සැලේ කැළුම් ගීතයේ පද පෙළ

Nisansale Sale Kalum Song Lyrics - නිසංසලේ සැලේ කැළුම් ගීතයේ පද පෙළ
Song Title : Nisansale Sale Kalum (නිසංසලේ සැලේ කැළුම්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.


නිසංසලේ සැලේ කැළුම් දෑසේ
පවන් හමා කියයි අපේ ගීතේ
සිත මගේ
පිබිදිලා
නිල් සඳැල්ලෙ දිස්වන්නේ
ඔබෙ රුව දෝ රාත්‍රියේ

නිසංසලේ සැලේ කැළුම් දෑසේ
පවන් හමා කියයි අපේ ගීතේ
සිත මගේ
පිබිදිලා
නිල් සඳැල්ලෙ දිස්වන්නේ
ඔබෙ රුව දෝ රාත්‍රියේ

මිහිරෙන් මත් කොවුලාගේ
පාවී යයි ගී රාවේ
ආශා පීදේ නිදි නැති යාමේ
සීනේ රන් දෝලාවේ
මා හා එක්වී ආවාවේ
ඈතින් පීදී එන්නේ පෙම් සුගන්ධයයි

නිසංසලේ සැලේ කැළුම් දෑසේ
පවන් හමා කියයි අපේ ගීතේ
සිත මගේ
පිබිදිලා
නිල් සඳැල්ලෙ දිස්වන්නේ
ඔබෙ රුව දෝ රාත්‍රියේ

මල් වැස්සේ මුසපත් වේ
ලා නිල්ලේ බොල් පින්නේ
ආදර පියුමන් පූදින මොහොතේ
කොයිබින් දෝ කාගෙන් දෝ
ගී සින්දූ මී බින්දූ
ජීවිතයේ හමුවන්නේ ආදරේ මුතූ

නිසංසලේ සැලේ කැළුම් දෑසේ
පවන් හමා කියයි අපේ ගීතේ
සිත මගේ
පිබිදිලා
නිල් සඳැල්ලෙ දිස්වන්නේ
ඔබෙ රුව දෝ රාත්‍රියේ

නිසංසලේ සැලේ කැළුම් දෑසේ
පවන් හමා කියයි අපේ ගීතේ
සිත මගේ
පිබිදිලා
නිල් සඳැල්ලෙ දිස්වන්නේ
ඔබෙ රුව දෝ රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment