Mulu Lowa Magen Asawi Song Lyrics - මුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළ

Mulu Lowa Magen Asawi Song Lyrics - මුළු ලොව මගෙන් අසාවී ගීතයේ පද පෙළ
Song Title : Mulu Lowa Magen Asawi (මුළු ලොව මගෙන් අසාවී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රනීත් අබේසුන්දර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ

මට වේදනාව දුන් අයුරු
කීවත් කුමක් කියයි දෝ
ඔබ මට දුකක් නොවී යයි
කීවත් කුමක් කියයි දෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරදි කියූවත්
මිනිසුන් සිනානොවෙයිදෝ
ඔබ යලි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment