Etha Epita Gammanen Song Lyrics - ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළ

Etha Epita Gammanen Song Lyrics - ඈත එපිට ගම්මානෙන් ගීතයේ පද පෙළ
Song Title : Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්)
ගායනය : සනත් නන්දසිරි
තනුව : සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා


ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ //

මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ //
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ //
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment