Mage Santhake Song Lyrics - මගෙ සන්තකේ ගීතයේ පද පෙළ

Mage Santhake Song Lyrics - මගෙ සන්තකේ ගීතයේ පද පෙළ
Song Title : Mage Santhake (මගෙ සන්තකේ)
ගායනය : අජිත් බණ්ඩාර


මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ

මට මේ ලෝකේ ඔයා තරම් ළංවුණ කවුරුත් නෑ
මගෙ හදවත තුළ ආයේ නම් වෙනකෙනෙකුට ඉඩ නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබෙ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ

මගේ හිත හොයපු ඔයා වගේ මිහිපිට කවුරුත් නෑ
ඔබ මට සුපුරුදු මේ තරම් ඇයිදෝ මා දන් නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබේ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ

මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment