Hoda Mage Kale Song Lyrics - හොඳා මගේ කාලේ ගීතයේ පද පෙළ

Hoda Mage Kale Song Lyrics - හොඳා මගේ කාලේ ගීතයේ පද පෙළ
Song Title : Hoda Mage Kale (හොඳා මගේ කාලේ)
ගායනය : සිඩ්නි ආටිගල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ සුභද්‍රා චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ දමිළ ගීයක තනුවකි.


හොඳා මගේ කාලේ
කාලේකින් යමි
මා ප්‍රිය බාරී කරා //

ඇන්දාම තෑගි දී මේ වගෙ සාරී
ආදර පාවී පුරා //

තාම සෙල්ලම් කාලෙ හින්දා පොඩි පුතු මාගේ
පොඩි පුතු මා
අත්පුඩි ගහලා කොක් හඬ දාලා හැඩ දැක මේකේ
හැඩ දැකලා
හරි ආස වෙලා
සන්තෝස වෙලා
පුතු නටනව වාගේ පෙනෙනව වාගේ
තාම සෙල්ලම් කාලෙ හින්දා පොඩි පුතු මාගේ
පොඩි පුතු මා

දෑත කර වට දා දී
ළඟට වී මට හාදු දී 

පෙම් පාලා දුවලා යාවී
අම්මාද එක්කන් ඒවී //
හරි ආස වෙලා
සන්තෝස වෙලා
පුතු නටනව වාගේ පෙනෙනව වාගේ

මේ බුදු රූපේ ශාන්ත ශ්‍රියාදේ //
ශීල සමාධී සැප ශ්‍රී වේ
මේ බුදු රූපේ ශාන්ත ශ්‍රියාදේ

පා බැති කරුණා ශීලෙහි රඳනා //
ඒ සිල් මාතා සාධු කියාලා //
බාර ගනීවී බුදු පිළිමේ //
මේ බුදු රූපේ ශාන්ත ශ්‍රියාදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment