Durakathanayakin Mama Oba Amathami Song Lyrics - දුරකථනයකින් මම ඔබ අමතමි ගීතයේ පද පෙළ

Durakathanayakin Mama Oba Amathami Song Lyrics - දුරකථනයකින් මම ඔබ අමතමි ගීතයේ පද පෙළ
Song Title : Durakathanayakin Mama Oba Amathami (දුරකථනයකින් මම ඔබ අමතමි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : මෙල්රෝයි ධර්මරත්න
තනුව හා සංගීතය : මෙල්රෝයි ධර්මරත්න


දුරකථනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා

මගෙ හිත හඳුනන
ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා

සයුරට රළ මෙන් වෙරළට රැලි මෙන්
අප බැඳිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගෙ මුල් ගීතයෙ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙණ
පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා එතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගෙ සතුටද එයමයි

දුරකථනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා

මගෙ හිත හඳුනන
ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment