Ayubowan Thushara Song Lyrics - ආයුබෝවන් තුෂාරා ගීතයේ පද පෙළ

Ayubowan Thushara Song Lyrics - ආයුබෝවන් තුෂාරා ගීතයේ පද පෙළ
Song Title : Ayubowan Thushara (ආයුබෝවන් තුෂාරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : මෙල්රෝයි ධර්මරත්න
තනුව හා සංගීතය : මෙල්රෝයි ධර්මරත්න


දෑස දෑසින් මුදා
දෑත දෑතින් මුදා
ඈත යමු යන්න යළි හමු නොවී

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා //

එදා අතීතයේ අප හමුවූ පිනිබර උදයේ
සදා බැඳී සිතේ සමනොළ සිතිවිලි සැණකෙළියේ //

දෑස දෑසේ වෙලී රහස කී ආදරේ //
ඈත සිතිජේ පෙනේ මායාව සේ

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා //

පෙමේ නදී තෙරේ සමීපවූ මල් යෞවනියේ
අපේ සිතුම් පැතුම් අහසයි පොළවයි දුර විලසේ //
ඔබ ඔබගේ ලොවේ මා මාගේ ලොවේ //
ඈත සිතිජේ පෙනේ මායාව සේ

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment