Ale Mihira Penna Song Lyrics - ආලේ මිහිර පෙන්නා ගීතයේ පද පෙළ

Ale Mihira Penna Song Lyrics - ආලේ මිහිර පෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Ale Mihira Penna (ආලේ මිහිර පෙන්නා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද : සිසිරකුමාර මානික්කාරච්චි
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න
1959 දී තිරගතවූ "ගැහැණු ගැට" චිත්‍රපටියේ ගීයකි.


ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා
හෝ... ඔඔඔ ඕ.....

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපිලා දිලෙන්නා
පිල් විදහා මොණරුන්  ඒ බලා නටන්නා
ඕ.. ඔඔඔ ඕ.....
ම් ඹ්.. ම්.. ම්.. ම්..

මුව පැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ.. කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ //
ගිජිඳුන්ගෙ ආලෙන් වන මල් සිනාසේ //
ආදරේ රසේ ඒ තමා ලොවේ

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා
හෝ... ඔඔඔ ඕ.....
ම් ඹ්.. ම්.. ම්.. ම්..

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
මේ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා //
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන් //
විඳිමු ජීවිතේ ඒ අමා සුවේ

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරුලිය මාරුතේ සැලෙන්නා
හෝ... ඔඔඔ ඕ.....
ම් ඹ්.. ම්.. ම්.. ම්..

හෝ... ඔඔඔ ඕ.....
ම් ඹ්.. ම්.. ම්.. ම්..   ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment