Wenathaka Yanna Giya Song Lyrics - වෙනතක යන්න ගියා ගීතයේ පද පෙළ

Wenathaka Yanna Giya Song Lyrics - වෙනතක යන්න ගියා ගීතයේ පද පෙළ
Song Title : Wenathaka Yanna Giya (වෙනතක යන්න ගියා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : මොහොමඩ් සාලි


වෙනතක යන්න ගියා
මුලදි අත දිලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා //

රැකගෙන ඉඳී කියා
හැමදා මා සිතු හින්දා //
කුළුඳුල් සිතින් නැගුණු
සෙනෙහස ඔබ හට බැන්දා
සෙනෙහස මම බැන්දා
දැන් නම් ඔයා මගේ

දැන් නම් ඔයා මගේ
හඳවත සදහට බින්දා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා

වෙනතක යන්න ගියා
මුලදි අත දිලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා

නීතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා //
කාසියෙ බලය නිසා
ඉන්නෙද ඔබ අදර පපා
ඉන්නෙද අදර පපා
මානයෙ නැතේ වෙලී

මානයෙ නැතේ වෙලී
පවතී ඒ බසට උපා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා //

වෙනතක යන්න ගියා
මුලදි අත දිලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා //
මගේ හිත රිදවාලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment