Idda Mal Kathawe Song Lyrics - ඉද්ද මල් කතාවේ ගීතයේ පද පෙළ

Idda Mal Kathawe Song Lyrics - ඉද්ද මල් කතාවේ ගීතයේ පද පෙළ

Idda Mal Kathawe Song Lyrics - ඉද්ද මල් කතාවේ ගීතයේ පද පෙළ
Song Title : Idda Mal Kathawe (ඉද්ද මල් කතාවේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ මායා දමයන්ති පෙරේරා
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : අර්නස්ට් සොයිසා
චිත්‍රපටිය : අරලිය මල් (1985)
රඟපෑවේ : සනත් ගුණතිලක සමග අනෝජා වීරසිංහ


ආ... ආ ආ ආආ ආආ ආ..
ආ ආ ආ... ආආආ ආ.... අඅආ..
ආ ආ ආආ..

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
මා එයාදෝ
ඔබ මට දොළොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

ආ... ආ ආ ආ ආ ආ ආ ආආ...

ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා //
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණිද හීන් සැරේ
මුමුණන කතන්දරේ

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

කන් පෙති අරුංගලෙන් සරසවනා //
අත කර රණේ රුවෙන් හැඩ කර සුභ නැකතින්
මා එන්නෙම්
ඒ දිනයේ සුරතල් සිනා
මට දේවි සුභ වාසනා

ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ

ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා
ඉන් අපේ මේ පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරි

මෙහි ඇත්තේ චිත්‍රපටියට ගැයුණු මුල් ගායනය නොවේ.මුල් ගායනයේ පදවැලෙහි පහත කොටසද වූවා.

මෙහි නොගැ‍යුණු එම කොටස -

අදමෙන් අප දෙදෙනා ජන්මෙන් ජන්මේ
සිදුහත් යශෝධරා සේ උපදින්නයි
උපදින භවෙන් භවේ මේ සංසාරේ
ඔබගේ දෙපාමුලේ මා ඉපදෙන්නයි
අරලිය සුදෝ සුදින් රුව සලා
ඩිංගක් හිනැහෙන්නද ළංවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment