Adare Awiya Song Lyrics - ආදරේ අවිය ගීතයේ පද පෙළ

Adare Awiya Song Lyrics - ආදරේ අවිය ගීතයේ පද පෙළ
Song Title : Adare Awiya (ආදරේ අවිය)
පද : සුජීව හෙට්ටිතන්ත්‍රි 
සංගීතය : රෝහණ දර්මකීර්ති
ශබ්ද සංකලනය : ජයංග දැදිගම
රූප සංකලනය : චන්දන චන්ද්‍රසේකර
විශේෂ ස්තූතිය : රසිත ජිනසේන, සුජිත් අන්නමලේ


පණ ගැගෙන හදවතයි
ආදරෙයි අරගෙන
එකම පවුරක
එක මිටට වරෙල්ලා
පණ අදින මේ දෙරණ
වල දමා පස් දමන
අලුගෝසුවන්ගෙන්
උදුරාන පණ දෙන්න
එකාමෙන් පෙරට වරෙල්ලා

නොකා හාමතේ ඉන්නා අපට
කොකා ගස්සන
රජවරුන්ගේ පපුවට
ආදරේ බරම අවියෙන්
වෙඩි තියන්නට වරෙල්ලා
එකා පිට එකා මැරුණත්
මහා ජන ගඟක් වී
වීදි මං මාවත් පුරා
දෝරෙ යන්නට වරෙල්ලා

අපේ ලේ කදුළු නෑවුන
නිධානය කඩා උදුරා
කකා මන්දිර වල නටන
සාදයට තිත තියන්නට
මාරුතය වී වරෙල්ලා
ආදරේ බරම අවියෙන්
මාලිගාවේ උන්ගෙ ⁣⁣හිසට
වෙඩි තියන්නට වරෙල්ලා
වෙඩි තියන්නට වරෙල්ලා
වෙඩි තියන්නට වරෙල්ලා
වෙඩි තියන්නට වරෙල්ලා
වෙඩි තියන්නට වරෙල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment