Api Katha Nokara Imu Song Lyrics - අපි කතා නොකර ඉමු ගීතයේ පද පෙළ

Api Katha Nokara Imu Song Lyrics - අපි කතා නොකර ඉමු ගීතයේ පද පෙළ
Song Title : Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි ළංව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment