Veenawi Urathalaye Randenna Song Lyrics - වීණාවී උරතලයේ රැඳෙන්න ගීතයේ පද පෙළ

Veenawi Urathalaye Randenna Song Lyrics - වීණාවී උරතලයේ රැඳෙන්න ගීතයේ පද පෙළ

Veenawi Urathalaye Randenna Song Lyrics - වීණාවී උරතලයේ රැඳෙන්න ගීතයේ පද පෙළ
Song Title : Veenawi Urathalaye Randenna (වීණාවී උරතලයේ රැඳෙන්න)
ගායනය : කසුන් කල්හාර, නිරංජලා මංජරී
මුල් ගැයුම : අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී
තනුව : එච්.එම්. ජයවර්ධන
පද : රත්න ශ්‍රී විජේසිංහ
ටෙලි නාට්‍යය : මහේ‍සිකා


වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

තරු මල් ඉස අහසට
නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දූ
කඩුපුල් මල් යායට
පෙම් බැඳගෙන සුවඳට
නොනිඳයි මගෙ බමරින්දූ

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

නියගින් තතින් තතට
පැන හදවත සොයන්න
අවසර දෙයිද එ ළන්දූ
මා හද මට නැති විට
කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්දූ

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment