Asata Hasu Nowena Song Lyrics - ඇසට හසුනොවෙනා ගීතයේ පද පෙළ

Asata Hasu Nowena Song Lyrics - ඇසට හසුනොවෙනා ගීතයේ පද පෙළ
Song Title : Asata Hasu Nowena (ඇසට හසුනොවෙනා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර


ඇසට හසුනොවෙනා රුවක් උවමක් නොදැනා
හිතට විතරක් හැගෙන ආදරේ
ජීවිතය පිළිසිඳ දකින හීනයේ
ඔබ පමණි මිය නොයන ආදරේ

ඝන තිමිර යට ඔබ දුලන පුරහඳ
මල් පිපෙන හැටි
ගඟ ගලන හැටි මට කියා දුන්
මං හීනෙයන් දිව ගෑ සුවඳ
මං හීනෙයන් දිව ගෑ සුවඳ පොද
ඇස් අරින විට සුළඟේ ගිහින්

ඔබ කොහේ උන්නත් මා හද පිරිමැද
මවන මේ රස මියුරු කව් පද
මට ගොතා දුන්
වෙන කව්රුවත් දන්නෑ ඉතින්
වෙන කව්රුවත් දන්නෑ ඉතින් දැන්
ආදරය දැන් ඔබ ළඟ අවදියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment