Tikiri Kirilliyo Song Lyrics - ටිකිරි කිරිල්ලියො ගීතයේ පද පෙළ

Tikiri Kirilliyo Song Lyrics - ටිකිරි කිරිල්ලියො ගීතයේ පද පෙළ
Song Title : Tikiri Kirilliyo (ටිකිරි කිරිල්ලියො)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි


ටිකිරි කිරිල්ලියො සමග ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා
මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්නට මගෙ හිත කිව්වා
ඉර හඳ රන් තරු අතට ගෙනත් දෙන කපු කප්පිත්තෙක් ලව්වා
මම මගෙ පබාවති හෙව්වා //

වයසින් වැඩි නැති උගත් දැණුම ඇති ඉහළින් සළකන වංසේ
කුලමල දේපල මුදල් බැංකු වල තිබෙන ලක්ෂපති අංශේ
කාර් බාර් ඇති නැටුම ගැයුම් වූ නමගිය සංගිත අංශේ
රූප රැජිණියක් සොයන්න කීවා රැජිණක් පරදන ප්‍රංශේ

අහසෙ මාලිගා බැන්දා
දෙවි පිහිට ඉල්ලලා වැන්දා
කඩදහි පැන්සල් පින්සල් නැතුවට රූපෙත් එහෙ මෙහෙ ඇන්දා

නුවර වළව්වල දකුණෙ පවුල් වල ගැහැණු ළමයි ඔහු දන්නා
තියමින් කියලා වගතුග කියලා ලස්සණ පින්තුර පෙන්නා
මගෙ අත අල්ලන් ඉන්නව වාගේ විස්තර කරලා දුන්නා
කළු ගල් මැද්දේ මැණික් ගලක් වගෙ හොඳම එකට හිත පැන්නා

අකුරු පොරොන්දම් බැලුවා
සුභ නැකැත් වෙලාවත් හැදුවා
නෑයන් කැන්දා පෝරුවෙ ඉන්දා කෙල්ලව එක්කන් ආවා

රාං කිරිල්ලියි රාං කුරුල්ලයි වාගේ එක්වී දෙන්නා
ප්‍රේම රබානේ තක්කිට තරිකිට තාලෙට නට නට උන්නා
ඔහොම ඉන්නකොට මගෙ අත වැදිලා ඇගෙ බොරු කොණ්ඩය හැලුනා
මේක දැකපු ඈ හක් කියනකොට දත් සැට් එන බිම වැටුණා

විගහට මං පැනගත්තා
ඇගෙ නොණ්ඩි කකුල මම දැක්කා
ඊට පස්සෙ මං මගේ මෝඩකම් මහදැවමුත්තට වික්කා

ටිකිරි කිරිල්ලියො සමග ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා
මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්නට මගෙ හිත කිව්වා
ඉර හඳ රන් තරු අතට ගෙනත් දෙන කපු කප්පිත්තෙක් ලව්වා
මම මගෙ පබාවති හෙව්වා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment