Dawasak Da Kakuluwekuta Song Lyrics - දවසක් දා කකුළුවෙකුට ගීතයේ පද පෙළ

Dawasak Da Kakuluwekuta Song Lyrics - දවසක් දා කකුළුවෙකුට ගීතයේ පද පෙළ
Song Title : Dawasak Da Kakuluwekuta (දවසක් දා කකුළුවෙකුට)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙළින් යාමෙ උපාධයෙන් ඉහළින් ගොඩවුණා

හරි තේජස් මැද කකුළු කොලුව කෙළින් ගමන් කළේ
මූ අංග විකල කකුළුවෙකැයි සැවොම විහිළු කළේ

නෑ සීයෙ මේක නියම ගමන තමයි අපේ රැහේ
කිව්ව නමුත් කවුරුත් නෑ කෙළින් ගමන් කළේ

දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙළින් යාමෙ උපාධයෙන් ඉහළින් ගොඩවුණා

මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමල මූත් පරණ ගමන ගියා //

දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා

මේ කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
අනෙ කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා

කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment