Thilona Sasi Muni Song Lyrics - තිලොනා සෑසි මුණි ගීතයේ පද පෙළ

Thilona Sasi Muni Song Lyrics - තිලොනා සෑසි මුණි ගීතයේ පද පෙළ
Song Title : Thilona Sasi Muni (තිලොනා සෑසි මුණි)
ගායනය : අහමඩ් මොහිදීන්
සංගීතය : යූ.ඩී. පෙරේරා
ගී පද : යූ.ඩී. පෙරේරා


තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

පිනැති ජනතා සසරින් ගොඩලන්ටා
තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

ලංකාසිරි දිසි කැළණි පුරේහි
මැණික් පුටුවටා මිණි පළඟේහී //
අයිතිය ගන්ටා යුදයට පත්වූ
චූලෝදර හා මහෝදරාදින්ගේ

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

වෛර ශ්‍රී මුණි දැකලා සැණිනා
නෙත්ති ගුවන් හී රෂ්මි විදාලා //
ශාන්ත ධර්මේ දෙසුව සඳේහී
ගවරේ සිඳිලා නෙත් පැහැ නා දැකලා

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

සුමන සමන් දෙවි පැහැදිය කල්හි
කල ආරාධන පිළිගෙන තොස් වී //
සමන් ගිරේහි තැබු සිරිපාදේ
සුවඳා මාලා පුදමුව සැම එක් වී

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment