Dura Ahasata Me Song Lyrics - දුර අහසට මේ ගීතයේ පද පෙළ

Dura Ahasata Me Song Lyrics - දුර අහසට මේ ගීතයේ පද පෙළ
Song Title : Dura Ahasata Me (දුර අහසට මේ)
ගායනය : අරුණ තමෙල්
පද රචනය : විරාජ් අමරකෝන්
සංගීතය : අරුණ තමෙල්


දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද
මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද
ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට
මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස

මහමෙර වගේ තවමත් මගේ හදවතේ නුඹ
රිදවනවා පපුව මගේ ඇවිදින් විටින් විට
වෙන්වීලා දුරක ගියත් මගෙන් සඳහට
වෙන් වෙන් නෑ සත්තකින්ම හදවතින් නුඹ

දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද
මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද
ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට
මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස

ප්‍රේමය විරහා ගිණි කන්දක මා සදා තනිකර
දුරින් ඉන්නේ කොහොමද දැන් සතුටින් හදන් හිත
වෙන්වීලා දුරක ගියත් මගෙන් සඳහට
වෙන් වෙන් නෑ සත්තකින්ම හදවතින් නුඹ

දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද
මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද
ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට
මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment