Sudu Ath Powwek Song Lyrics - සුදු ඇත් පොව්වෙක් ගීතයේ පද පෙළ

Sudu Ath Powwek Song Lyrics - සුදු ඇත් පොව්වෙක් ගීතයේ පද පෙළ
Song Title : Sudu Ath Powwek (සුදු ඇත් පොව්වෙක්)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ම්... ම් ම්ම්... ම් ම්ම්...  
ම්ම්ම්... ම්ම්ම්... ම්ම් ම්..

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි
ආදරයයි  ආදරයයි 

ම්... ම් ම්ම්... ම් ම්ම්...  
ම්ම්ම්... ම්ම්ම්... ම්ම් ම්..

කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ
සැබෑව දිදුළන ජීවිතයයි
ජීවිතයයි  ජීවිතයයි 

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment