Pa Ram Pam Poo Song Lyrics - පා රම් පම් පෝ ගීතයේ පද පෙළ

Pa Ram Pam Poo Song Lyrics - පා රම් පම් පෝ ගීතයේ පද පෙළ
Song Title : Pa Ram Pam Poo (පා රම් පම් පෝ)
ගායනය : අනූපමා ගුණසේකර
සංගීතය : තිළිණ රුහුණගේ
ගී පද : රඛිත වාකිෂ්ට


එක යායක හීන ගෙනල්ලා
දුක පාළුව කොහෙද ගිහිල්ලා
දුර ඈතක ගිහින් ඇවිල්ලා
නුඹ ආවද මගෙ හිත ඉල්ලා
ආදරයට ඉඟියක් තියලා
මගෙ හිත නුඹ උණුසුම් කරලා
මට නොකියා හිතට ඇවිල්ලා
මගෙ හීනෙත් නුඹ ගෙනිහිල්ලා

මාගෙ හුස්ම නුඹේදෝ
අර පේන අහස මගේදෝ
නුඹ තාම මාගෙම නේදෝ

දඟකාරම ඉඟි බිඟි පාලා
මං ගාවම හීන තියාලා
නුඹ ආවම හිතයට මැවිලා
මට මාවත් අමතක කරලා
තහනම් නැති ප්‍රේමය හොයලා
හෙවණැල්ලේ තනිය මකාලා
මං අහස වගේමයි කියලා
ඒ අහසට නුඹත් ඇවිල්ලා

මාගෙ හුස්ම නුඹේදෝ
අර පේන අහස මගේදෝ
නුඹ තාම මාගෙම නේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment