Iwan Paulusha Song Lyrics - ඉවාන් පවුළුෂා ගීතයේ පද පෙළ

Iwan Paulusha Song Lyrics - ඉවාන් පවුළුෂා ගීතයේ පද පෙළ
Song Title : Iwan Paulusha (ඉවාන් පවුළුෂා)
ගායනය : අප්සරා ද සිල්වා
සංගීතය : ප්‍රියන්ත ඩිරෙක්ස්
පද රචනය : චාරුක සුරවීර


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ //

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ //

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා //
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද //
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment