Nihanda Wela Song Lyrics - නිහඩ වෙලා ගීතයේ පද පෙළ

Nihanda Wela Song Lyrics - නිහඩ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Nihanda Wela (නිහඩ වෙලා)
ගායනය : දමිත් අසංක


නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණ
වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත
සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල
වැඳ වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම

නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

කුරුළු කූඩුවක් හදන්න එක මොහොතින් බැරි
කුරුළු කූඩුවක් කඩන්න එක මොහොතක් ඇති
සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි
මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරි

නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment