Miyadennata Pera Song Lyrics - මියැදෙන්න පෙර ගීතයේ පද පෙළ

Miyadennata Pera Song Lyrics - මියැදෙන්න පෙර ගීතයේ පද පෙළ
Song Title : Miyadennata Pera (මියැදෙන්න පෙර)
ගායනය : දමිත් අසංක
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : රජාංගණේ හාමුදුරුවෝ


මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්
මේ රිඳුම් ඉකිගසා

දුර යන්න හැකි වුනත් මා හැර හුඟක්
ඔබ නැතිව යන්න බෑ මට පියවරක්
හැමදේම නැතිවෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
මේ රිඳුම් ඉකිගසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment