දවසේ වැදගත්කම - අප්‍රේල් 07 ලෝක සෞඛ්‍ය දිනය (Significance Of The Day - April 07 World Health Day) - Your Choice Way

දවසේ වැදගත්කම - අප්‍රේල් 07 ලෝක සෞඛ්‍ය දිනය (Significance Of The Day - April 07 World Health Day) - Your Choice Way

සෑම වසරකම අප්‍රේල් 7 වනදා ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් සමරනු ලබන ලෝක සෞඛ්‍ය දිනය මෙවර තේමාව වන්නේ අපේ ලෝකය අපේ සෞඛ්‍යය යන්නයි.

ශ්‍රී ලංකාවේද මුළු ලොව පුරා ද සෞඛ්‍ය ගැටළු වලට මුහුණපා ඇති බොහෝ ජනතාවක් වාසය කරති. බොහෝ විට සුඛය ගැටළු වලට හේතු වන්නේ අයහපත් මනුෂ්‍ය ක්‍රියාකාරකම්ය.

වායු දුෂනය නිසා ස්වසන ආබාධ ඇතිවී ඇත, අයහපත් ආහාර පුරුදු, අලස ජීවන රටාව, කාර්ය බහුලභාවය හා මානසික ආතතිය බෙහෝ රෝගවලට හේතුවේ.

අධික ලෙස මෝටර් රථවාහන භාවිතය නිසා පොසිල ඉන්ධන දහනයෙන් වායු දුෂණය උග්‍ර වී ඇත. කෙටි දුරටත් මෝටර් රථ භාවිත කිරීම නිසා ව්‍යායාම අඩුවී බෝ නොවන රෝගවලට මඟ පෑදී ඇත.

ඊට අමතරව මුදල් නාස්තිය, අධික තදබදය කාලය නාස්තිවීම ආදී අයහපත් පල විපාකද මෝටර් රථ භාවිත කිරීම නිසා ඇතිවී තිබේ.

ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දියවැඩියාව, හර්ද රෝග, ආඝාතය, පිළිකා අධි රුධිර පීඩනය ආදී රෝගවලින් පීඩා විඳිති.

මේ සියලු කරදර හා රෝග වලින් මිදීමට නම් සක්‍රිය ජීවන රටාවකට හුරු විය යුතුමය. එදිනෙදා ගමන් බිමන් හා කෙටි දුර සඳහා ත්‍රී රෝද රථ මෝටර් සයිකල් හා පොදු ප්‍රවාහනය වෙනුවට පාපැදිය යොදා ගැනීමෙන් මේ සඳහා විසදුම් ලබාගත හැකිය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment