Math Mal Sena Song Lyrics - මත් මල් සේනා ගීතයේ පද පෙළ

Math Mal Sena Song Lyrics - මත් මල් සේනා ගීතයේ පද පෙළ
Song Title : Math Mal Sena (මත් මල් සේනා)
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර


මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා...

උදා වේ...මා...සැදෑවේ...මුදා..
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment