Madhu Chandraya Me Song Lyrics - මධු චන්ද්‍රයා මේ ගීතයේ පද පෙළ

Madhu Chandraya Me Song Lyrics - මධු චන්ද්‍රයා මේ ගීතයේ පද පෙළ
Song Title : Madhu Chandraya Me (මධු චන්ද්‍රයා මේ)
ගායනය : කසුන් කල්හාර
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ
“කුස පබා“ චිත්‍රපටයේ ගීතයකි.


මධු චන්ද්‍රයා මේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ
දල්වා දීපාවලී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ
මධු චන්ද්‍රයා මේ මෝදු වේ

වරල සිකි පිල් සෙමෙර සලමින්
නයන නිළුපුල් සුවද ඉසිමින්
උරමඩල සියපත වතින් නිති සරසා
මිලාන හදවත තුරු සිරින් සදමු

දෙතොල මී..විත අමා පුදමින්
දෙතන කලසින් පවස නිවමින්
සිරියහන සුවහස් දමා පුළු උකුලේ
පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු

මධු චන්ද්‍රයා මේ... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment