Hithumatheta Diga Giya Duwe Song Lyrics - හිතුමතේට දීග ගිය දුවේ ගීතයේ පද පෙළ

Hithumatheta Diga Giya Duwe Song Lyrics - හිතුමතේට දීග ගිය දුවේ ගීතයේ පද පෙළ
Song Title : Hithumatheta Diga Giya Duwe (හිතුමතේට දීග ගිය දුවේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඔස්ටින් මුණසිංහ


හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //

ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ

ගෙයි ඇවිළූ පහන නිවේ
පපුවේ ගිනි පුළිඟු දැවේ //

හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //

යෞවනයේ හීන ලොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ

නිදුකින් හිමි සඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින් //

හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment