Kothanaka Ho Pipila Song Lyrics - කොතැනක හෝ පිපිලා ගීතයේ පද පෙළ

Kothanaka Ho Pipila Song Lyrics - කොතැනක හෝ පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Kothanaka Ho Pipila (කොතැනක හෝ පිපිලා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

තනිවී හිඳිනා සඳ නිදි නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ළඟ //
පෙති පෙති ගලවා පා යට තෙරපා
මල මැලවූයේ ඇයි

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

සායෙන් පෙළෙනා සඳ ඔබ වනයේ
විලිකුන් කර මම දුනිමි ඵලාඵල //
සුහුඹුල් ශාඛා බිඳ ඵල වළඳා
ගස වැනසූයේ ඇයි

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment