Hathara Watin Kalu Keruwath Song Lyrics - හතර වටින් කළු කෙරුවත් ගීතයේ පද පෙළ

Hathara Watin Kalu Keruwath Song Lyrics - හතර වටින් කළු කෙරුවත් ගීතයේ පද පෙළ
Song Title : Hathara Watin Kalu Keruwath (හතර වටින් කළු කෙරුවත්)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඔස්ටින් මුණසිංහ


හතර වටින් කළු කෙරුවත්
වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත්
මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ යාළූ

පිරිමදිමින් සුකොමළ අත්
දෙඩූ කතා කවි සිරිමත් //
ගම් දොර ගිං ගං තෙර කිරළ කැලේ තව රැඳුනත්
මිහිරි හීන ගඟේ ගිහිං
කොක්කුත් නෑ ගඟට උඩින්
කොක්කුත් නෑ ගඟට උඩින්

හතර වටින් කළු කෙරුවත්
වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත්
මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ යාළූ

ඉරත් හඳත් වලාකුළුත්
ඇළත් දොළත් ගසුත් වැලුත් //
හොරැහින් හරි තරහින් ඔබට රවනවා තවමත්
ඔබ ඉඳිතොත් අද යහතින්
තරහක් නෑ තුන් හිතකින්
තරහක් නෑ තුන් හිතකින්

හතර වටින් කළු කෙරුවත්
වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත්
මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ

මල් පිපුණේ නෑ යාළූ
මල් පිපුණේ නෑ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment