Buduni Jesuni Song Lyrics - බුදුනී ජේසුනී ගීතයේ පද පෙළ

Buduni Jesuni Song Lyrics - බුදුනී ජේසුනී ගීතයේ පද පෙළ
Song Title : Buduni Jesuni (බුදුනී ජේසුනී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


බුදුනී (හහ හා හා ... හාහාහා .. )
ජේසුනී (හා හා හ හා.. )
නබි නායක තුමනී (හාහ හාහ හා හා හා... )

නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවි
මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවී
ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කළ මැනවී

අයුක්තියේ ඝණ ශිලා තලා බිඳ
විමුක්තියේ ජල ධාරා
මුදා හරණු මැනවී
සිංහ වෙසින් එන සිඟාලයින්
වනසා ලනු මැනවී

බුදුනී (හහ හා හා ... හාහාහා .. )
ජේසුනී (හා හා හ හා.. )
නබි නායක තුමනී (හාහ හාහ හා හා හා... )

මිථ්‍යාවේ කළු වලා කඩා හැර
විද්‍යාවේ නව රේඛා
උදා කරණු මැනවී
බැටළු වෙසින් එන ව්‍යාඝ්‍රයින්
හඳුනා දුන මැනවී

බුදුනී (හහ හා හා ... හාහාහා .. )
ජේසුනී (හා හා හ හා.. )
නබි නායක තුමනී (හාහ හාහ හා හා හා... )

නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවි
මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවී
ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කළ මැනවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment