Dan Sal Dorehi Song Lyrics - දන් සල් දොරෙහි ගීතයේ පද පෙළ

Dan Sal Dorehi Song Lyrics - දන් සල් දොරෙහි ගීතයේ පද පෙළ
Song Title : Dan Sal Dorehi (දන් සල් දොරෙහි)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් දසනායක


ආ...ආ... ආආ...
ආආආ ආ.......
අඅඅආ... ආආආ....
ආ ආ ආ.....
ආආආ ආ.......
ආ ආ.....

දන් සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි //

නොමැත ඇසක කඳුළක්
නොවැටුණොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිනි දණ්ඩේ
දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ
පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා //

දස රජ දම්හි නිති පැවතී
නරපති ඇමති වඩන රුතී
(දස රජ දම්හි නිති තී
නරපති ඇමති වඩන රුතී )
සත වෙත පතළ මෙත සදතී
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්‍රමිකතා
වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා

අහෝ සැපයි සැපයි
මෙපුර විසුම නම්

මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා //

කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරූ
(කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරූ )
සතුටින් රඟති මේ නුවරූ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල් වාද
පිල් භේද, කුලවාද, දෑ වාද,
නැත බදු බර
පවුල් බර
ජීවන බර

මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
උපදින්ට මතු වාසනා //

දන් සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment