Adambara Sanda Song Lyrics - ආඩම්බර සඳ ගීතයේ පද පෙළ

Adambara Sanda Song Lyrics - ආඩම්බර සඳ ගීතයේ පද පෙළ
Song Title : Adambara Sanda (ආඩම්බර සඳ)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : විජිත් කණුගල


ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද//

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...

ආඩම්බර සඳ සිරියහනට වැද...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment