චොක්ලට් සහ වැනිලා පුඩිං හදමු (Chocolate And Vanilla Pudding)

චොක්ලට් සහ වැනිලා පුඩිං හදමු (Chocolate And Vanilla Pudding) - Your Choice Way
කප් 6 ක් සඳහා 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

වැනිලා පුඩිං එකට 
  • 🌼 සීනි කෝප්ප 1/3 ක්( 65g)
  • 🌼 කෝන්ෆ්ලාර් කෝප්ප 1/4 ක් (30g)
  • 🌼 කිරි කෝප්ප 2 2/3 ක් ( 640ml)
  • 🌼 ලොකු බිත්තර 1 ක්
  • 🌼 වැනිලා තේ හැඳි 1 ක්
  • 🌼 ලුණු තේ හැඳි 1/4ක්

චොක්ලට් පුඩිං එක සඳහා :
  • 🌼 සීනි කෝප්ප  1/2 ක් (100g)
  • 🌼 කොකෝවා පවුඩර් කෝප්ප 1/3 ක් (40g)
  • 🌼 කෝන්ෆ්ලාර් කෝප්ප 1/4 ක් (30g)
  • 🌼 කිරි කෝප්ප 2 2/3 ක් (640ml)
  • 🌼 ලොකු බිත්තර 1 ක් 
  • 🌼 වැනිලා තේ හැඳි 1/2 ක්
  • 🌼 ලුණු තේ හැඳි 1/4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌀 කුඩා භාජනයක් ගෙන එයට කෝන්ෆ්ලාර් ,සීනි සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  2. 🌀 වෙනත් භාජනයකට බිත්තරය කඩා දමා හොඳින් ගසා ගන්න.
  3. 🌀 එයට කිරි කෝප්ප 2/3 ක් (160ml) එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. 🌀 දැන් බිත්තර සහ කිරි මිශ්‍රණය කෝන්ෆ්ලාර් මිශ්‍රණය ට එකතු කර හොඳින් දියකර පසෙකින් තබන්න.
  5. 🌀 දැන් භාජනයක් ගෙන කිරි කෝප්ප 2  (480ml) එයට දමා උණු කරන්න.
  6. 🌀 පසුව ලිපෙන් ඉවතට ගෙන බිත්තර ,කෝන්ෆ්ලාර් මිශ්‍රණය ටිකෙන් ටික කිරි එකට එකතු කරමින් හැඳි ගාන්න. ( විස්ක් එකක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි )
  7. 🌀 නැවත මේ මිශ්‍රණය මද ගින්නේ ලිප තබා හැඳි ගාමින් මිශ්‍රණය මදක් ඝනවන තුරු විනාඩි 3 ක් පමණ පිස ගන්න.
  8. 🌀 පසුව ලිපෙන් ඉවතට ගෙන එයට වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.

චොක්ලට් පුඩිං එක සාදන අයුරු :
  1. 🔥 කෝන්ෆ්ලාර් ,කොකෝවා පවුඩර් ,සීනි සහ ලුණු එකට මිශ්‍ර කර ගන්න.
  2. 🔥 බිත්තරය බීට් කර කිරි කෝප්ප 2/3 ක් (160ml) එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  3. 🔥 පෙර පරිදිම කිරි කෝප්ප 2 ලිප තබා උතුරවා ගන්න.
  4. 🔥 ලිපෙන් ඉවතට ගෙන බිත්තර ,චොක්ලට් මිශ්‍රණය ටිකෙන් ටික කිරි එකට එකතු කරමින්  දිගටම හැඳි ගාන්න.
  5. 🔥 දැන් මද ගින්දරේ හැඳි ගාමින් විනාඩි 3 ක් පමණ මිශ්‍රණය ඝන වනතුරු පිස ලිපෙන් ඉවතට ගන්න. වැනිලා එක් කර හොඳින් හැඳි ගාන්න.
  6. 🛑 දැන් පුඩිං එක සකස් කර ගන්න භාජනය 6 ක් සූදානම් කර ගන්න.
  7. 🛑 ඔයාලා කැමති ආකාරයට පුඩිං වර්ග දෙක තට්ටු වශයෙන් කප් වලට දමා ගන්න.( ෆොටෝ එකේ පෙනෙන ආකාරයට )
  8. 🛑 පැය 2,3 ක් ශීත කර ගන්න.
  9. 🛑 දැන් කජු,වියලි මිදි , ග්‍රේට් කරගත් චොක්ලට් කැබලි හෝ පලතුරු කැබලි උඩින් දමා සරසා ගෙන පිලි ගන්වන්න 😍

හෙළයේ රස මිහිර
චොක්ලට් සහ වැනිලා පුඩිං හදමු (Chocolate And Vanilla Pudding) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment