Wasantha Wassata Song Lyrics - වසන්ත වැස්සට ගීතයේ පද පෙළ

Wasantha Wassata Song Lyrics - වසන්ත වැස්සට ගීතයේ පද පෙළ
Song Title : Wasantha Wassata (වසන්ත වැස්සට)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා


වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

මනබර ගීත ගුමු දෙන යහන
බඹරු වඩිති අරගෙන හීන
නිවා දමමි රෑ සඳ පාන
මමයි ඔබේ ලොව බඹරාණ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

හැඟුම් පිරුණු මල්බර පියසේ
හැඬුම් ඇසේවිද හොර රහසේ
සුසුම් කඳුළු පිසදා නොලසේ
පැතුම් හොවමි නිල්වන් දෑසේ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment