Wane Wana Pala Miyuru Wuda Song Lyrics - වනේ වන ඵල මියුරු වූදා ගීතයේ පද පෙළ

Wane Wana Pala Miyuru Wuda Song Lyrics - වනේ වන ඵල මියුරු වූදා ගීතයේ පද පෙළ
Song Title : Wane Wana Pala Miyuru Wuda (වනේ වන ඵල මියුරු වූදා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 2001 දී “නෑසෙන ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


වනේ වන ඵල මියුරු වූදා
නැතේ ළඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූදා
කොහේදෝ බමරුන්
බමරුන්

වෙළී නැති බැරි දුකින් කාලය
හැළී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත්කමින් ජය ගනු
රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල්
ඇයත් මනකල්
කල් බලා සිටියා
බලා සිටියා

නැඟී අළු යට ගිනිහිරක් මෙන්
දිනූ දා කිත් යසස් අභිමන්
එදා ගොළුවුණු පෙමත් කුළුඳුල්
දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන්
මලත් නටුවෙන්
තටු විදා ඉගිලී
ගියා ඉගිලී

වනේ වන ඵල මියුරු වූදා
නැතේ ළඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූදා
කොහේදෝ බමරුන්
බමරුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment