Nethe Kandulu Pisa Damanna Song Lyrics - නෙතේ කඳුළු පිස දමන්න ගීතයේ පද පෙළ

Nethe Kandulu Pisa Damanna Song Lyrics - නෙතේ කඳුළු පිස දමන්න ගීතයේ පද පෙළ
Song Title : Nethe Kandulu Pisa Damanna (නෙතේ කඳුළු පිස දමන්න)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ආනන්ද අමරසිරි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටයතුළින් දොරට වැඩි ගීයකි. 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් //

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්

සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් //

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment