Siyathuwe Song Lyrics - සියාතුවේ ගීතයේ පද පෙළ

Siyathuwe Song Lyrics - සියාතුවේ ගීතයේ පද පෙළ

Siyathuwe Song Lyrics - සියාතුවේ ගීතයේ පද පෙළ
Song Title : Siyathuwe (සියාතුවේ)
ගායනය : සුනිල් එදිරිසිංහ සමග රෝහණ වීරසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


සියාතුවේ මා මිතුරේ  (සියාතුවේ මා මිතුරේ)
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින් (එඑ ඒඒ..)
ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

සියාතුවේ මා මිතුරේ  (සියාතුවේ මා මිතුරේ)
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ

හඬලා කුමටද මිතුරේ සියාතුවේ (එඑ ඒඒ..)
හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අපි හැමටයි සියාතුවේ

සියාතුවේ මා මිතුරේ  (සියාතුවේ මා මිතුරේ)
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment