Nalanee Enna Song Lyrics - නාලිනී එන්න ගීතයේ පද පෙළ

Nalanee Enna  Song Lyrics - නාලිනී එන්න ගීතයේ පද පෙළ
Song Title : Nalanee Enna (නාලිනී එන්න)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සමන්ත හේරත්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

නුඹ දිරි දැරී බැවෙන සිත සියුමැලී නොවන
දුටු දැයි අනේ කවර මිහිරක් ලොවේ
පිය රැව් සලා සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතය පෙමින් වතල සෞමිය මගේ

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුළක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment