Siyalla Idiri Gara Watunu Da Song Lyrics - සියල්ල ඉදිරී ගරා වැටුණ දා ගීතයේ පද පෙළ

Siyalla Idiri Gara Watunu Da Song Lyrics - සියල්ල ඉදිරී ගරා වැටුණ දා ගීතයේ පද පෙළ
Song Title : Siyalla Idiri Gara Watunu Da (සියල්ල ඉදිරී ගරා වැටුණ දා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච්.එම්. ජයවර්ධන
මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකිනි. 1982 වසරේ සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "සඳකඩපහණ" කැසට් පටයට ඇතුළත්වූ මෙම ගීය පසුව 2001 වසරේද සින්ග්ලංකා නිෂ්පාදනයක්වූ "නෑසෙන ගී රස 1" සංයුක්ත තැටියට හා කැසට් පටයට ද ඇතුළත් විය.


සියල්ල ඉදිරී ගරා වැටුණ දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවී නැවතත්

ප්‍රේම තාපයෙන් පරමල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එළවන්නෙද කෙලෙසේ

සියල්ල ඉදිරී ගරා වැටුණ දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවී නැවතත්

ඇය හෙට ආව ද පසු දින යාවි ද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment