Kalakaruwaneni Song Lyrics - කලාකරුවාණෙනි ගීතයේ පද පෙළ

Kalakaruwaneni Song Lyrics - කලාකරුවාණෙනි ගීතයේ පද පෙළ
Song Title : Kalakaruwaneni (කලාකරුවාණෙනි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රජී වසන්ත වෙල්ගම
තනුව හා සංගීතය : දර්ශන රුවන් දිසානායක


මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යයි කියා
තවම තනිකඩ යයි කියා

මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment