Ridee Nadee Tharaka Song Lyrics - රිදී නදී තාරකා ගීතයේ පද පෙළ

Ridee Nadee Tharaka Song Lyrics - රිදී නදී තාරකා ගීතයේ පද පෙළ
Song Title : Ridee Nadee Tharaka (රිදී නදී තාරකා)
ගායනය : මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද : සමන් අතාවුදහෙට්ටි
තනුව : කලණි පෙරේරා
1987 දී කළ ගීයකි.“Selected hits of Menik Jayasekara” සංයුක්ත තැටියට ඇතුළත් විය.



රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

මල් පාරේ මල් ඉහිරී මල් ඇතිරිල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
මල් ඇතිරිලි යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

ආකාසේ තරු සැරසී සඳ සිහිලැල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
සඳකැන් තරු යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment