Ihata Wahala Nil Ahasayi Song Lyrics - ඉහට වහල නිල් අහසයි ගීතයේ පද පෙළ

Ihata Wahala Nil Ahasayi Song Lyrics - ඉහට වහල නිල් අහසයි ගීතයේ පද පෙළ
Song Title : Ihata Wahala Nil Ahasayi (ඉහට වහල නිල් අහසයි)
ගායනය : මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද : සමන් අතාවුදහෙට්ටි
තනුව : එච්.එම්. ජයවර්ධන
1987 දී කළ ගීයකි


ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

කරට පිරූ ගෝනි බරෙන් දවස ගෙවෙන්නේ
කුසට නැතී හිතට ඇතී
සුවය සදන්නේ
අපේ ලෝකයේ නැතේ සෝගිනී

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

සිරුර දැවූ කඳුළු සැළූ දිනය නිමාවේ
සිනාසිසී බලා සිටී
මොහොත උදාවේ
අපේ ලෝකයේ නැතේ සෝගිනී

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment