Raye Thunyama Song Lyrics - රැයේ තුන්යම ගීතයේ පද පෙළ

Song Title : Raye Thunyama (රැයේ තුන්යම)
ගායනය : නන්දා මාලිනී
පද : කැමිලස් පෙරේරා
තනුව : එච්.එම්. ජයවර්ධන

රැයේ තුන්යම තබා අවදිව මුදා නිදි දැහැනින්
කරුණ කිව මැන වෙලන මා සිත කල්පනා රැහැනින්

සතුටු සළුවෙන් වසා සියොළඟ අඳුර තුළ ගුලිවී
ලොවම ගොළුවන රැයක ඔබ මම හිඳිමු දොඩමලුවී

රැයේ තුන්යම තබා අවදිව මුදා නිදි දැහැනින්
කරුණ කිව මැන වෙලන මා සිත කල්පනා රැහැනින්

සදාකාලික සිහිනයක් වී අතීතාවලියේ
බිඳී නොයනුය පිණි බිඳක් සේ උදා හිරු එළියේ

රැයේ තුන්යම තබා අවදිව මුදා නිදි දැහැනින්
කරුණ කිව මැන වෙලන මා සිත කල්පනා රැහැනින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment