Manda Nawa Karanawa Song Lyrics - මන්ද නාව කාරණාව ගීතයේ පද පෙළ

Manda Nawa Karanawa Song Lyrics - මන්ද නාව කාරණාව ගීතයේ පද පෙළ
Song Title : Manda Nawa Karanawa (මන්ද නාව කාරණාව)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ //

කතරගමට ගියා තමයි
මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙරේ මළුව වටේ
පහන් වැටම නිවිලා //

මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ

ඉකි බිඳ බිඳ මං ඇඬුවලු
මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කළා
වැඩහිටි කන්දේදී //

මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ

ලොරි බාගේ මඟ හිටියා
එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල
තිස්සමහාරාමේ //

මන්ද නාව කාරණාව
යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment