Kadamandiye Dola Ayine Song Lyrics - කඩමණ්ඩියේ දොළ අයිනේ ගීතයේ පද පෙළ

Kadamandiye Dola Ayine Song Lyrics - කඩමණ්ඩියේ දොළ අයිනේ ගීතයේ පද පෙළ
Song Title : Kadamandiye Dola Ayine (කඩමණ්ඩියේ දොළ අයිනේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරී
කුසුම මොටද
ළංවී රොන්
ගන්න බැරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment