Mage Senehasa Song Lyrics - මගේ සෙනෙහස ගීතයේ පද පෙළ

Mage Senehasa Song Lyrics - මගේ සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Mage Senehasa (මගේ සෙනෙහස)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත් 2001 දී “The best of Sunil 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment